gossip_bulletin

කෝටි ගානක් වටිනා වෙඩි නොවදින ජීප් රියක් ලංකාවේ තැනකින් මතුවෙයි

මඩකළපුව ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ වෙඩි නොවදින කෝටි 07ක් වටිනා ජීප් රථයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජීප් රථය පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක අංශයට සහ නැඟෙනහිර කොටි නායකයකු ලෙස සිට පසුව රජය සමඟ සාම සාකච්ඡාවලට එළැඹ දේශපාලනයට පිවිසි පුද්ගලයකුට ලබාදුන් එකක්ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

මේ පිළිබඳ පෙරේදා (28දා) අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.