Paper Gossip

වීරවංශගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්‌

wimal weerawansa

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස්‌ පෙරමුණ නායක විමල් වීරවංශ Wimal Weerawansa මහතාගේ හෝකන්දර මංගල මාවතේ පිහිටි නිවස තුළ නින්දේ පසු වූ තරුණයකු වන 24 හැවිරිදි ලහිරු ජනිත් දිසානායක යන අයගේ මරණය සැක සහිත බවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් පවත්වන ලද මරණ පරීක්‍ෂණය අනුව ලබා දුන් තීරණයෙන් පසුව, කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා සිද්ධියට අදාළ මූලික විමර්ෂණ සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසට තලංගම පොලිසියට නියෝග කළේය.

විනිසුරුවරයා විසින් ඊයේ (27 දා) පෙරවරුවේ ඉහත කී නිවස වෙත ගොස්‌ ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදු කරන ලදී.

මියගිය ලහිරු ජනිත් යන තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත් විභූති විශ්වජිත් වීරවංශ යන අයගේ මිතුරකු බවට හඳුනා ගෙන තිබේ.

පසුගිය 25 දා රාත්‍රී එම තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයා ඇතුළු තවත් තරුණයන් තිදෙනකු සමඟ රූපවාහිනිය නරඹමින් සිට නින්දට ගොස්‌ ඇති බවත්, මියගිය තරුණයා එම නිවසේ සාලයක තනිව නින්දේ සිට ඇති බවත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.

පසුදා උදේ ඔහු අවදි කිරීමට ගිය අවස්‌ථාවේ, එම තරුණයා කිසිවක්‌ කතා නොකර ඇති අතර ඒ මොහොතේම ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බවට හදිසි මරණ පරීක්‍ෂක ඩබ්ලිව්. සී. ටී. ගලගෙදර මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේදී ප්‍රකාශ වී තිබේ.

මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බාහිර සලකුණු කිහිපයක්‌ දක්‌නට ඇති නිසා ඔහුගේ මරණය සැක සහිත බව නිගමනය කළ මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා වෙත වාර්තා කිරීමට පොලිසියට නියෝග කර තිබිණ.

ඒ අනුව මහෙස්‌ත්‍රාත් ධම්මික හේමපාල මහතා මියගිය අය නින්දේ සිටි බව කියන විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස්‌ ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදු කරන ලද අතර, මියගිය අයගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තලංගම පොලිසියට නියෝග කළේය.

තලංගම පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. එම්. වයි. නාලක මහතාගේ මූලිකත්වය ඇතිව පොලිස්‌ සැරයන් අමරසේකර (6731) හා පොලිස්‌ කොස්‌තාපල් චින්තක රණසිංහ (61133) යන මහත්වරු ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

පියදාස රණසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.