Gossip

කෝලි සංගාව පසු කළ හැටි

ශතක 25ක් ලබා එක්දින වැඩිම ශතකලාභීන් අතර මෙතෙක් 4 වැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගක්කාර පසුකර යාමට ඉන්දීය පිතිකරු විරාත් කෝලි Virat Kohli ඊයේ (23) සමත් වුණා.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මොහාලි හිදි ඊයේ පැවති 3 වන එක්දින ක්‍රිකට් තරඟයේදි ශතකයක් වාර්තා කිරීමත් එක්කයි.

කෝලි ඊයේ වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 26 වන ශතකයයි. මේ තරඟයේදී කෝලි ලකුණු 154ක් ලබා ගැනීමට සමත්වුණා.

එක්දින ශතක 49ක් වාර්තා කරමින් ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් ලොව වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

දෙවන ස්ථානය හිමිව ඇත්තේ එක්දින ශතක 30 වාර්තා කළ ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින්.

එක්දින ශතක 28ක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ සනත් ජයසුරිය එම සටහනේ 3 වන ස්ථානයේ පසුවනවා.

වැඩිම  ශතක සටහන පහතින් බලන්න…

most-hundreds

නවසීලන්ත ඉන්දියා තුන්වැනි එක්දින තරගයේ ලකුණු පුවරුව පහතින් බලන්න…

in-nz

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.