Gossip

පකිස්ථාන කණ්ඩායමේ අසාර් ඩුබායි පිටියක් දෙවනත් කරයි

Pakistan v West Indies

පකිස්ථාන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම Pakistan v West Indies අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදි පකිස්ථානය වෙනුවෙන් අසාර් අලී සුපිරි පිතිහරඹයක නිරත වුණා.

අසාර් අලී පකිස්ථානයේ පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 302ක් ලබාගැනීමට සමත් වුනේ හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් එක්කයි.

අසාර් අලීට අමතරව සාමි අස්ලම් ලකුණු 90ක්, බාබර් අසාම් ලකුණු 69ක් සහ අෂාඩ් ෂාෆික් ලකුණු 67ක් ලබාගත්තා.

පකිස්ථානය පළමු ඉනිම සදහා කඩුළු 3ක් දැවී ලකුණු 579ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පකිස්ථාන පළමු ඉනිමේ ලකුණු පුවරුව පහතින් බලන්න….

pak

අනතුරුව පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි කොදෙව් කණ්ඩායම මේ වන විට පළමු ඉනිම සදහා එක් කඩුල්ල දැවී ලකුණු 69ක් රැස්කර ගෙන සිටිනවා.

කොදෙව් ලකුණු පුවරුව පහතින් බලන්න…

wi

මෙම තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.