Gossip

බංග්ලාදේශය තුන්වැනි තරඟයේදිත් එංගලන්තයත් එක්ක උණුසුම් වචන හුවමාරුවක් ඇතිකරගනී

Bangladesh vs England

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම  Bangladesh v England එක්ක තිබ්බ එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (12) අවසන් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදි එංගලන්ත ක්‍රීඩකයින් එක්ක වචන වලින් ප්‍රශ්නයක් ඇති කරගත්තා.

මේ සිද්ධිය හුගක් දුරදිග ගියා.

ඊට පස්සේ තරගාවලියේ අවසන් දිනය වුනු ඊයේ දිනයේදිත් මේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් දෙන්නෙක් එක්ක වචන හුවමාරුවක් සිද්ධ වුණා.

ඒ ගැටළුව එහෙම සිද්ධ වුනත් තරගයේ ජය හිමිවුනේ එංගලන්ත කණ්ඩායමටයි.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නු බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 277ක් රැස්කර ගත්තා.

එහිදී නොදැවී පන්දුවට පහරදුන්නු මුස්ෆික රහීම් ලකුණු 67ක් ලබාගත්තේ එක් හයේ පහරක් හතරේ පහර 4ක් එක්කයි.

ban

අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි එංගගලන්ත කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5කදී කඩුළු 6ක් දැවී ලකුණු 278ක් රැස්කරගෙන ජය තහවුරු කළා.

eng

දෙරට අතර දෙවැනි එක්දින තරගයේ සිට තිබ්බ දැඩි ගැටුම්කාරී තත්ත්වය නිසා මේ තරගය මීට වඩා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතය වී තිබුනේ.

නමුත් මේ තරගය එතරම් තියුණු තරගයක් බවට පත්වුනේ නැහැ.

මේ තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top