Gossip

UPDATE : “අම්මට බැන්නොත් ගහනවා තමයි” රිමාන්ඩ් බන්ධනාගාරයට යන ගමන් චිලී කියයි

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අද පෙරවරුවේ පොලීසියට භාරවුනු  වෙළෙදගොඩ පතිරගේ නොහොත් තිලංක විදූෂ ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළා.

Update Time : 12:32 Pm

—————————————–

චිලී තිලංක පොලිස් අත්අඩංගුවට

ජනප්‍රිය ගායක චිලී තිලංක Chillie Thilanka අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසනවා.

මේ පිළිබදව අපි තලංගම පොලීසියෙන් විමසූ අවස්ථාවේ එහි උසස් නිලධාරියෙකු කිව්වේ අද පෙරවරුවේ චිලී තිලංක නීතිඥයෙකු සමග පොලිස් ස්ථානයට ඇවිත් ප්‍රකාශයක් ලබාදුන් පසු ඔහුව අත්අඩංගුවට ගත්තා කියලයි.

චිලී තිලංක මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වූනේ පහුගිය දවසක ඔහු තම මෝටර් රථයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් ඉන්නකොට එම මාර්ගයේ දෙපස වාහන නවතා තියෙනවා දැක එතැන හිටපු කෙනෙක්ගෙන් මේ ගැන විමසලා.

ඊට පස්සේ මේ පුද්ගලයා සහ චිලී අතර ඇති වූ කතා බහ දුරදිග ගිහින් ලොකු රණ්ඩුවක් දක්වා දුරදිග ගියා.

කොහොම හරි මේ රණ්ඩුවේදී ගුටි කාපු අනෙක් මාර්ගයේ හිටපු පුද්ගලයා රෝහල් ගත කෙරුණා.

මේ සිද්ධියෙන්  පස්සේ චිලීගෙන් ප්‍රකාශයක් ගන්න දින තුනක පමණ කාලයක් පොලීසිය එයාව හෙව්වත් ආ ගිය අතක් නැති වුණා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් චිලී තිලංකව අද අධිකරණයට හමුවට ඉදිරිපත් කරන්නට ද නියමිතයි කියලයි තලංගම පොලීසිය වැඩිදුරටත් අපිට කිව්වේ.

චිලී පොලීසියට කියලා තියෙන්නේ බීමත් පුද්ගලයෙක් තමන් හා ගැටුමකට ආපු නිසා මේ සිදුවීම වුණා කියලයි.

කොහොමවුනත් අපට නම් වාර්තා වෙන්නේ අවස්ථා කිහිපයකදීම චිලීගේ ගෙදර අයත් එක්ක බහින්බස්වීමක් ඇතිකරගෙන තියෙනවා කියලයි.

සිද්ධිය වුන දවසෙත් චිලී එයාගේ අම්මත් එක්ක ගමනක් යද්දි වාහනේට යන මග අවහිරවෙන විදිහට ඇතිවුනු බහින්බස්වීමක් දුරදිග ගිහින් තමයි මේ පහරදීම සිද්ධ වුණේ.

 

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න…

ලංකාවේ කඩවසම් ජනප්‍රිය ගායකයෙක් දිව පැලෙන්න මනුස්සයෙකුට ගහලා

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top