Political

ජනපති මෛත්‍රීගේ ප්‍රකාශයට මහින්ද සාක්ෂි එක්ක උත්තරදෙයි

Maithripala Sirisena

ඊයේ දිනට යෙදී තිබුනු ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොළොන්නරුව සුගලාදේවි ගම්මාන විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ජනාධිපති Maithripala Sirisena මහතා අපූරු කතාවක් කිව්වා.

ජනාධිපතිතුමා කියා සිටියේ නෙළුම් පොකුණ රගහල ආරම්භ කිරීමට 2004 වර්ෂයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් උත්සවාකාරයෙන් මුල්ගල තැබූ බවත් ඒ වෙනුවෙන් සමරුඵලකයක් එම භූමියේ ස්ථාපති කළ බවයි.

එහෙත් 2005 වසරේදී නැවතවරක් මහින්ද රාජපක්ෂ සමයේ එම සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර් කොට ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයක් මහ ඉහළින් පැවැත් වූ බවත්, තමා ඇමතිවරයකු විදිහට ලැබුනු ආරාධනාවක් අනුව එහි ගියේ චන්ද්‍රිකා මැතිනිය විසින් මුල්ගල තැබූ එම රගහල ඉදිකොට අවසන් කර ඇති බැවිත් එහි විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීට යැයි සිතා බවයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ.

නමුත් සිදුවුනේ චන්ද්‍රිකා මැතිණිය නමින් ස්ථාපති කර තිබූ සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නමින් අලුත් සමරු ඵලකයක් ස්ථාපති කිරීමේ උත්සවයකට සහභාගිවීමටයි.

කොහොමවුනත් මේ චෝදනාවට සාක්ෂි සමග පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙළුම් පොකුණ රගහල පරිශ්‍රයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව තිබෙන අයුරු ඕනෑම කෙනෙක්ට දැකගත හැකි බවයි.

 

14519872_10154558959783550_8699116146012792468_n 14572993_10154558959418550_1656262964134467700_n 14595794_10154558959523550_1866104442513719433_n mahinda-rajapaksa-speaks-about-nelum-pokuna-2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.