Gossip

ලෝකයම හොල්ලපු ISIS නායකයාට වහදීපු සිද්ධියේ ඇත්ත කතාව

Abu Bakr al Baghdadi

ISIS නායක අබු බකර් – අල් – බග්දාදි (Abu Bakr al Baghdadi)ගේ කෑම වේලට වස මුසු කර තිබීම හේතුවෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අබූ බකර් අල් බග්දාදිට අමතරව තවත් අණදෙන නිලධාරීන් තිදෙනකුද වස මුසු වූ ආහාර ගැනීම නිසා අසාධ්‍ය තත්ත්වයේ පසුවෙනවා.

එම සංවිධානයේම අති විශ්වසනීය පුද්ගලයින් විසින් පිසින ලද ආහාර වේලට වස මුසු වූයේ කොහොම දැයි ISIS සංංවිධානයේ අනෙකුත් නායකයන්ට සැකයක් මේ වෙන කොට ඇවිල්ලා.

කොහොමවුනත් මේ වෙන විට සංවිධානයේ අභ්‍යන්තර අර්බුද මතුවෙලා කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අබු බකර් අල් බග්දාදි ඇතුළු පිරිසට මේ තත්ත්වය මුහුණදීමට සිද්ධ වුනේ නිරිත දිග Nineveh හි Be aaj නම් දිස්ත්‍රික්කයේදීයි.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන ISIS නායකයා ඇතුළු අණදෙන නිලධාරීන් තුන්දෙනා ප්‍රතිකාර ලබාගැනීමට වෙනත් ප්‍රදේශයකට රැගෙන ගිහිල්ලා.

ඒ කුමන ප්‍රදේශයකට ද කියලා නම් මෙතෙක් වාර්තා වී නැහැ.

ISIS ත්‍රස්ථ නායකයන්ගේ ආහාර වේලට වස මුසු කළ තැනැත්තන් හොයන්න ISIS ත්‍රස්ථ සාමාජිකයන් මෙහෙයුමක් ද ආරම්භ කරලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.