Gossip

ඩිල්ශාන්ගේ ප්‍රශ්න වලට මහේල පිළිතුරු දෙයි

Mahela Jayawardene

පසුගිය දිනකදී ඇන්ජලෝ මැතිව්ස් සහ මෙහෙල ජයවර්ධන ඉලක්ක කර ගනිමින් ක්‍රිකට් පිටියට සමුදුන් තිලකරත්න ඩිල්ෂාන් කළ විවේචන වලට Mahela Jayawardene ඊයේ (03) බි.බි.සි ය සමඟ පැවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී පිළිතුරු ලබාදුන්නා.

ඔහු පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුර පෞද්ගලිකව එල්ලකරන චෝදනාවන් පිළිගත නොහැකි බවත් එවැනි චෝදනාවන් ක්‍රිකට් දන්නා අය පිළිකුලෙන් හෙළා දකින බවත්ය.

ඔහු මෙලෙස පිළිතුරු ලබාදුන්නේ පසුගියදා ක්‍රිකට් පිටියට සමුදුන් ටී.එම් ඩිල්ෂාන්, මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් විවේචනය කරමින් කළ ප්‍රකාශයන් සඳහායි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මහේල ජයවර්ධන සඳහන් කළේ පසුගියදා ඔවුන්ට එල්ලවූ ඇතැම් චෝදනා පැමිණෙන්නේ කොහෙන්දැයි තමාට සිතා ගැනීමට හැකි බවත් එවැනි චෝදනා කරන ආකාරය තමන්ට සිතා ගැනීම නොහැකි බවත්ය.

එමෙන්ම තමන් පැමිණි තැන ආගම මුල්කරගනිමින් ප්‍රකාශ නිකුත් කිරීම වැරදි බව පැවසු මහේල ප්‍රකාශ කළේ ජාතිය ආගම හෝ කිසිවක් නොගෙන ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ක්‍රීඩා කිරීම තමන්ගේ අරමුණ වූ බවයි.

 

වීඩියෝ අනුග්‍රහය BBC සංදේශය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.