Paper Gossip

අලුත් පක්ෂයක් එනවා – නායකයා මහින්ද

Rajapaksha

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව දෙද්ශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සදහා ස්වාධීන මැතිවරණ කොමිසම අවස්ථාව ලබාදුන් විගසම නව දේශපාලන සන්ධාන ලියාපදිංචි කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සම්පූර්ණ කරමින් තිබෙන බවත් නිසැක වශයෙන්ම නව දේශපාලන සන්ධානයේ නායකයා හිටපු ජනාධිපති මහින්ද Rajapaksha මහතා බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

මෙම නව සන්ධානය සදහා නම් කිහිපයක් සහ ලාංජන කිහිපයක් ඉදිරිපත් වී ඇති බවත් නව සන්ධානයට යොදන නම සහ ලාංඡනය සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවත් හෙතෙම පැවැසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් ද නව දේශපාලන සන්ධානයට එක්වීමට මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරමින් සිටින බව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.