gossip_bulletin

පරපුරක් වෙනුවෙන් සත්කාරවෙත පොත් රැසක්

Sathkara

පරිපුර්ණ ආනාගත පරපුරක් වෙනුවෙන් අපේ උපකාරය රැගෙන යන සත්කාරය (Sathkara) ප‍්‍රජා සත්කාරක වැඩසටහන මේ දවස් වල ක‍්‍රියාත්මක වෙනවා.

ඊයේ වගේම අදත් සත්කාරයත් එක්ක අත්වැල් බැඳගන්න බොහෝදෙනෙක් තම පරිත්‍යාග ලෙස වටිනා පොත්පත් හුඟක් භාරදුන්නා.

උපකාරයක් අවැසි ජනතාවට උපකාරය රැගෙනයි සත්කාරය ආරම්භයේ සිටම ක‍්‍රියාත්මක වුනේ.

සත්කාරය අලූත්ම වැඩසටහන විදිහට අපි මේ පාර සුදනම් වෙන්නේ අඩු පහසුකම් සහිත පාසල් වෙනුවෙන් පුස්තකාල පහසුකම් ලබාදීමටයි.

සුපිරි පාසල්වලට ජනප‍්‍රිය පාසල්වලට හොද පුස්තකාල තිබුණත් ඒ පහසුකම් නැති පාසල් බොහෝමයක් තවමත් අපේ රටේ තියෙනවා.

අන්න ඒ වගේ පාසල් වල ඉගෙන ගන්න දරුවන්ගේ අනාගතයට ආලෝකයක් අරගෙනයි මේ පාර සත්කාරය ක‍්‍රියාත්මක වෙන්නේ.

මේ සත්කාරයට කවදත් ස්වර්ණවාහිනියත් එක්ක හිතවත් ඔබෙන් ලැබෙන්නේ ලොකු දායකත්වයක්.

සාහිත්‍ය, විද්‍යාව, නව ලොව දැනුම මේ ඕනෑම විෂයකින් ලියවුණු පොත්පත් සත්කාරය වෙනුවෙන් ස්වර්ණවාහිනි ප‍්‍රධාන කාර්යාලයට වගේම දිවයින පුරා පිහිටි ස්වර්ණමහල් ශාඛාවන් වෙත ගෙනත් භාරදෙන්න ඔබට පුළුවන්.

මේ විදිහට එකතුවෙන පොත්වලින් හදන පළමු පුස්තකාලය ඔක්තෝම්බර් මාසයේ පළමු වැනිදා ලෝක ළමා දිනය දවසේ කන්තලේ පේරමඩුව විද්‍යාලයට තිළිණ කරන්න අප සූදානම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.