Paper Gossip

භාරත ඝාතනයට මරණ දඩුවම නියම වුන තුන්දෙනක්ගෙන් තීන්දුවට එරෙහිව ඇපෑලක්

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී මරණ දඩුවම නියම වූ විත්තිකරුවන් තිදෙනකු එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරන ඇපෑල ඉහළ නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහ අධිකරණයට ඊයේ (20දා) භාර දී තිබේ.

අදාළ ඇපෑල කොළඹ මහාධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර්වරිය වෙත මේ වන විට භාරදී ඇති අතර එය කොළඹ මහාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට නියමිතය.

මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා යොමු කර ඇත්තේ අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද සහ සරත් බණ්ඩාර යන මරණ දඩුවම නියම වූ වරදකරුවන් තිදෙනාය.

ඉෂාර රත්නකාර
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.