Gossip

නුවන්ගේ වාහනේ ගැටිලා මියගිය දිනේෂ් ගැන නොදන්න කතාවක් එළියට එයි

nuwan kulasekara

කොළඹ ඉදලා නිට්ටඹුව පැත්තට යතුරු පැදියකින් ගමන්කරමින් හිටපු තරුණයකු මොකක් හෝ හේතුවක් නිසා පාරෙන් ඉවතට පැනලා ඇවිත් නුවන් කුලසේකර(nuwan kulasekara) පැදවූ මෝටර් රථයේ හැප්පිලා ඒ ස්ථානයේම ජීවිතයෙන්ම සමුගත්තා.

ඒ කොළඹ නුවර මාර්ගයේ කිරිල්ලවල රන්මුතුගල ප්‍රදේශයේ.

අනතුරින් මියගියේ නිට්‌ටඹුව, මාඉඹුල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් අරවින්ද නමැති 28 හැවිරිදි තරුණයෙක්.

මේ සිද්ධියෙන් පස්සේ ජිවිතක්ෂයට පත්වුනු දිනේෂ් අරවින්දගේ ඥාතියෙකු බව කියන කෙනෙක් මුහුණුපොතට සටහනක් එක්ක ඡායාරූප කිහිපයක් ද පලකරලා තියෙනවා.

ඒ සටහනෙන් එයා කියලා තියෙන්නේ මියගිය දිනේශ් අරවින් සහ නුවන් කුලසේකර එකට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවුන දෙන්නෙක් කියලයි.

ඒ රන්පොකුණගමේදී කියලත් කියලා තිබුණා.

ඒ වගේම මේ දෙන්නට දෙන්නා හොදින් හදුන්න බවත් දිනේශ්ගේ එම ඥාතියා කියලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි මේ අනතුර සිද්ද වුන අවස්ථාවේ එම ස්ථානයට ඇවිත් හිටපු නුවන් කුලසේකරගේ සමීප ඥාතියකු ද කියලා තිබුණේ මියගිය තරුණයා දන්නා හඳුනන කෙනෙක් කියලයි.

නුවන් කුලසේකරද නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේ හැදී වැඩුණ, රන්පොකුණගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අයෙක්.

 

aravinda-deth

14433135_1249334031764127_2307009063892976240_n

14390989_1249326371764893_9107327180845815863_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top