Gossip

ලන්ඩන් රාජකීය කුසලානය සංගාගේ කණ්ඩායමෙන් ගිලිහී යයි

ලන්ඩන් නුවර පහුගිය කාලය පුරා තිබ්බ ලන්ජන් රාජකීය කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ ලෝඩ්ස් පිටියේදී පැවැත් වුණා.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන්නේ සරේ කණ්ඩායමයි.

සරේ පිලට පන්දුවාර 40යි එක් පන්දුවකදි සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 136ක් පමණයි.

එහිදී රෝයි බර්න් ලකුණු 40ක් ලබාගත් අතර , කුමාර් සංගක්කාරට ලබාගන්න පුළුවන් වුනේ ලකුණු 21ක් විතරයි.

සරේ ලකුණු පුවරුව පහතින් බලන්න….

surrey

අනතුරුව පිටියට පැමිණි වෝර්ක්ෂයර් කණ්ඩායම පන්දුවාර 30යි පන්දු දෙකකදි කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 137ක් ලබාගෙන තරගාවලිය ජයග්‍රහණය කළා.

වෝර්ක්ෂයර් ලකුණු පුවරුව පහතින් බලන්න….

war

ඒ අනුව වෝර්ක්ෂයර් කණ්ඩායම කඩුළු 8කින් තරගාවලිය ජයග්‍රහණය කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.