gossip_bulletin

ජෝන් සීනා කඩවතදී මාට්ටු

2015 වසරේ සපුගස්කන්ද පොලිස් වසමේ මාකොළ දේවාල පාරේ ගෙවල් බිඳුම් පහක් සිදු කර සැඟව සිටි ‘ජෝන් සීනා’ නමැත්තා පෙරේදා (14දා) පෙරවරුවේ කඩවත ප්‍රදේශයේදී සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙමටගොඩ චමින්දගේ ගෝලයකු වන මොහු දෙමටගොඩ ප්‍රදේශයේ ඇති චමින්දගේ නිවෙසේ සැඟව සිටි ඇති බවත් දෙමටගොඩ චමින්ද සිරගත වීමෙන් පසු කඩවත පැමිණ ඇති බවත් පොලිසිය කියයි.

මොහු සොරා ගත් ලක්ෂ පහක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ අතර ලැප්ටොප් පරිගණක පහක්, ජංගම දුරකතන, ග්‍රයින්ඩර් සහ වඩු වැඩ සඳහා යොදා ගන්නා යන්ත්‍ර කීපයක්ද, දෙමටගොඩ ප්‍රදේශයට අලෙවි කර තිබියදී සපුගස්කන්ද පොලිසිය සොයා ගෙන ඇත.

සපුගස්කන්ද පොලිසියේ බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් දසනායක මහතාට ලැබුණු තොරතුරකට අනුව කැලණිය කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ පොලිස් කොස්තාපල් එදිරිමාන්න මහතා කළ විමර්ශනයකින් පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කඩවත එක්සත් මාවතේ පදිංචිකරුවකු වන ජෝන් සීනා වයස අවුරුදු 35ක විවාහකයකු බවද පොලිසිය පවසයි.

සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කඩවත – ජයතිලක ගන්නෝරුව

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.