gossip_bulletin

Update : දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඩුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලූ සිව්දෙනෙකු ඝාතනයට අදාල නඩුවේ තීන්දුව අද කොළඹ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරුණා.

එම තීන්දුව අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලූ හතරදෙනෙකු මිනීමැරුම් චෝදනාවට වැරදිකරු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට මරණ දඬුවම නියම වී තිබෙනවා.

විත්තිකරුවන් හත්දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා.

නඩුවේ තීන්දුව දැනගැනීම සඳහා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලූ පිරිසක් කොළඹ මහාධිකරණයට පැමිණ සිටියා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් බන්ධනාගාර  නිලධාරින් විසින් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

මෙම නඩුවේ විත්තිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලූ 12 දෙනෙක් අධිකරණයට පැමිණියා.

එක් විත්තිකරුවෙකු අතුරුදන්ව සිටිනවා.

නඩු විභාගය අවසන් කර තිබෙන්නේ පත්මිනී රණවක, ශිරාන් ගුණරත්න සහ එම්.සී.බී.එස්.මොරායස් යන ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

මෙම විනිසුරු මඩුල්ලට නඩු විභාගය පැවරුණේ 2015 වසරේ ඔක්තෝබර් 12 වැනිදා.

ඔවුන් දින 48 ක් සාක්ෂිකරුවන් හතලිස් දෙදෙනෙකුගේ සාක්ෂි ලබාගැනීමෙන් අනතුරුව නඩු විභාගය අවසන් කලා.

2011 වසරේ ඔක්තෝබර් 8 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ඡන්දයේ ඡන්ද විමසීම අතරතුර අංගොඩ ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින්  හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලූ සිව්දෙනෙකු මරණයට පත්වුණා.

තවත් දසදෙනෙකු පමණ තුවාල ලැබුවා.

එම තුවාලකරුවන් අතර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යනු ලැබුවා.

දුමින්ද සිල්වා මහතා ඇතුලූ විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධි චෝදනා 17 ක් ගොනුකර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.