gossip_bulletin

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව අද

භාරත ලක්‍ෂමන් මහතා ඇතුළු සිවු දෙනාට වෙඩි තබා ඝාතනය සිදුකළ බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද (08දා) ප්‍රකාශයට පත් කරන්න නියමිතව තියෙනවා.

වසර එකහමාරකට අධික කාලයක් පුරා විභාග කළ මේ නඩුවේ සාක්කි විභාග කිරීම අවසන් කිරීමෙන් අනතුරුව මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නඩුව විභාග කීරීමට පත් කළ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණි රණවක එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරුවරු මඬුල්ලක් හමුවේ නඩුව විභාග කළා.

2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් සභා ඡන්ද දිනයේදී අංගොඩ ප්‍රදේශයේදී භාරත ලක්‍ෂමන් මහතා ඇතුළු ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ තිදෙනෙකුට වෙඩි තබා මරා දැමීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.