Gossip

කසල කන්දේ ඇති වු ගින්න

අනුරාධපුර කීරික්කුලම කාබනික පොහොර අංගනයේ කසල කන්දේ ඇති වු ගින්න ඊයේ පස්වරුවේ පාලනය කර තිබෙනවා. පෙරේදා රාත‍්‍රියේ කසල කන්දේ කොටසක ඇතිවු ගින්න ඊයේ පස්වරු 5  පමණ වනතෙක් පැවතුණා.

අනුරාධපුර කීරික්කුලම ප‍්‍රදේශයේ මෙම කාබනික පොහොර අංගනය පවත්වාගෙන යනු බලන්නේ අනුරාධපුර මහ නගර සභාව මගින්.

එහි කසල කන්දේ කොටසක පෙරේදා රාත‍්‍රියේ ගින්නක් ඇති තිබුණා.

අනතුරුව කසල කන්ද පුරා ගින්න ව්‍යාප්ත වු අතර එය පාලනය කිරීමට යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහයෝගයද හිමිවුණා.

මහත් පරිශ‍්‍රමයකින් පසු ඊයේ පස්වරුව වනවිට ගින්න පාලනය කිරීමට හැකිවි තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.