Gossip

මරන්න හදන නිසා දරුවෙකු සමඟ මැරෙන්න උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකුගේ සංවේදී කතාව

ගාල්ල නගරයේදී ඊයේ පස්වරු  02.00ට පමණ බස් රථයකට පැනීමට උත්සහ කළ කුඩා දරුවකු සහ ගැහැණු දෙදෙනෙකු ගාල්ල නගර සභා සේවකයන් විසින් බේරාගෙන තිබෙනවා.

පසුව ප්‍රදේශවාසින් විසින් මේ පිළිබඳ පොලීසියද දැනුවත් කර ඇත. එම පවුල ගාල්ල කලේගාන මිහිදු මාවතේ පදිංචි අයවේ.

සැමියාගේ වද හිංසා දරාගෙන කාලයක් සිටියද ළගදී ඇය සහ මව මරන බව පවසා දිගින් දිගටම ඇයට මවට පහර දෙන දුන් නිසා මෙලෙස ජීවිතය නැති කරගන්න හැදු බවයි දරුවාගේ මව පවසන්නේ.

පසුගිය මස 26 වන දින සිට මේ වනතෙක් පාරක් පාරක් ගානේ කුඩා දරුවා සමග සිටී බවද ඇය පැවසුවා.

සැමියාගේ පහරදීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී පොද්දල පොලීසියේ පැමිණිලි කර ඇති බවද නඩු කිහිපයක්ද පවරා ඇති බව ඇය පැවසුවා.

මෙ සිද්ධිය සැලවූ වහා පෝද්දල පොලීසියේ ස්ථානාධීපතිවරයා නිලධාරිනියන් දෙදෙනෙකු සහ නිලධාරියකු එම ස්ථානයට එවා එම දරුවා ඇතුළු තිදෙනා පොලිසියට කැදවාගෙන ගියා.

ස්ථානධිපතිවරයා අපට පැවසුවේ මෙම කාන්තාව කියන සියල්ල ඇත්ත බවත් මීට පෙර මැයගේ සැමියාට නඩු කිහිපයක් දමා ඇති බවත් අධිකරනයෙන් මැයගේ සැමියාට නියෝග කර ඇත්තේ මෙම කාන්තාවට හිරිහැර නොකිරීමටත් එම නිවසට නොයන ලෙසත්, ඒ සියල්ල මෙම පුද්ගලයා කඩ කර ඇති බවත්ය.

එසේ පැවසු පොල්ද්දල ස්ථානාධිපතිවරයා වහා නිලධාරින් පිරිසක් සිවිල් ඇදුමින් සැරසී පිටත් කරේ එම මිනිසා අත්අඩංගුවට ගෙන රැගෙන එන ලෙසයි. ඒ අනුව ඊයේ පස්වරුවේ එම ගමට ගිය නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

තවද මේ වන විට පෝද්දල පොලිස් බාරයේ සිටි සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරනයට සියලු චෝදනා සමග ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.