Bollywood

ඉපදෙන්නත් කළින් කරීනාගේ දරුවාට රංගනයට වරම්

කරීනා කපූර් ඛාන් ගැබිනියක් කියන ප්‍රවෘත්තිය දැන් ටිකක් පරණයි. ඉන්දියාව විතරක්ම නෙවෙයි ලෝකයේ බොහෝ රටවල ඉන්න කරීනාගේ රසිකයන්ට පරණ වුණු මේ ප්‍රවෘත්තියේ අලුත්ම කතා කීපයක්ම තියෙනවා. මේ ඉපදෙන්න යන්නේ කරීනාගේ පළමු දරුවා වුණත් සයිෆ් අලී ඛාන්ට නම් දරු සුරතල් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි.

හැම තාත්තා කෙනකුට වගේම සයිෆ්ටත් මේ දරු උපත විශේෂයි. ඒක නිසාම සයිෆ්ගෙන් කරීනාට ලැබෙන ආදරය ආරක්‍ෂාව නිමක් නැහැ. කරීනා කොහේ ගියත් පිටුපසින් ඉන්න සයිෆ් මුහුණේ සිට සිරුරේ සෑම ඉරියව්වකින්ම තමන්ගේ වගකීම ප්‍රදර්ශනය කරනවා. නමුත් මවක් වෙන්න ඉන්න කරීනා නම් කියන්නේ වෙනස් කතාවක්.

දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මම සාමාන්‍ය ජීවිතය වෙනස් කරන්නේ නැහැ. මම වැඩකරන ගැහැනු කෙනෙක්. රංගනය තමයි මගේ රැකියාව. ඒ රැකියාවට මම ආදරෙයි වගේම ඒ ගැන මම උනන්දු වෙනවා. මට නිළියක් වෙන්න ඕන වෙන්න ඇත්තේ මම මගේ අම්මාගේ බඩේ ඉන්න කාලෙදීම වෙන්න ඇති.

ඉතින් මට අවුරුදු අසූවක් වෙනකල් මොනම හේතුවක් නිසාවත් රඟපෑමෙන් අෑත් වෙන්නේ නෑ. ගැබිනි මවක් දරුවා ලැබෙනතුරු වැඩ ඔක්කොම අතහැරලා විවේකයෙන් ඉන්න ඕනෙයි කියනවා නම් ඒක මිථ්‍යාවක්.

එහෙම කියන කරීනා මේ වසරේ ඔක්තෝබර් මාසයේ අලුත්ම චිත්‍රපටයක රූගත කිරීම් සඳහා සූදානම් වනවා. ‘Veerey Di Wedding’ නම් මේ චිත්‍රපටයේ ගර්භණී මවකගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබීමත් විශේෂත්වයක් වනවා.

මේ රංගනය මට සුළු දෙයක්. ඇත්තටම ඒ චරිතය මම සතුටින් භාර ගත්තා. මම අම්මා කෙනෙක් වෙන්න ඉන්නවා කියන එක මේ චරිතයට ප්‍රශ්නයක් නෙවෙයි. මගේ උදරය හංගන්න ඕන නෑ. ඉපදෙන්නත් කලින්ම මගේ පුතත් දැන් මං එක්කම රඟපානවා. ඇත්තටම මම රඟපාන්න ඕන ගැබිනි මවකගේ චරිතයක්’ චිත්‍රපට කණ්ඩායම මං වෙනුවෙන් විශේෂයෙන් පහසුකම් සපයන්නත් සූදානමින් තමයි ඉන්නේ. මගේ ගැබිනි මව චිත්‍රපටයේ ගැබිනි චරිතයට එකතු වීමේදී චිත්‍රපට කණ්ඩායමටත් විශේෂ අත්දැකීමක් වෙයි.

කරීනා තමන්ගේ රසිකයන්ට වගේම, මාධ්‍යවේදීන්ටත් කිව්වේ, තමන් ගැබිනියක්ව සිටියත් නොසිටියත් මේ චරිතය රඟපාන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලයි.

කොහොම වුණත් කරීනා මවු පදවියට ගැළපෙන විදියට සිය විලාසිතා වෙනස් කරගෙන තිබෙනවා. දිගු ගවුම් සහ ළා වර්ණ ගවුම්වලින් සැරසුණු ඡායාරූප පෙළ කරීනාගේ ඒ වෙනසට උදාහරණ ලෙසින් අන්තර්ජාලය පුරා හුවමාරු වෙනවා.

නමුත් පාවහන් ගැන කතා කරන විට නම් ගර්භණී බවේ අවදානම ගැන නොසිතාම කරීනා අඩි උස පාවහන් පලඳින්න තවමත් ප්‍රියතාවක් දක්වනවා. පසුගිය දවසක කරීනා සහභාගි වුණු විශේෂ අවස්ථාවකදී අඩි උස පාවහන් සහිතවම කරීනා කැමරා ඇසට හසුව තිබුණා.

Golmaal චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ කරීනා දැන් ගර්භණී මවක් වීම නිසා ට්ධතථචචත 4 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මඟහැරුණා. මුලින්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කරීනාව තෝරාගෙන තිබුණත්, ඇය ගර්භණී නිසාම ඇය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සුදුසු වුණේ නැහැ. නමුත් Golmaal 4 චිත්‍රපටයේ ගීතයක විශේෂ කොටසක් සඳහා කරීනා ආරාධිත රංගන ශිල්පිනියක් ලෙස දායක වෙනවා.

ඒ වගේම කරීනාට විශේෂ කෙනකුගෙන් සුබ පැතුමක් ඇවිත් තිබුණා. ඒ කරීනා මවුපදවිය ලැබීමේ ප්‍රිතිය නිමිත්තෙන්. මෙම පුද්ගලයා වෙන කවුරුත් නෙවෙයි. කරීනාගේ කලින් පෙම්වතා වන ෂාහිඩ් කපූර්. මේ වන විට විවාහ දිවියට පා තබා සිටින ෂාහිඩ්ගේ බිරියත් ගැබිනියක්. ඇය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මවු පදවිය ලැබීමට සූදානම් වනවා. කරීනාට දරු ප්‍රසූතියට දින නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේයි.

තමන්ගේ ගර්භණී බව නිසාම මාධ්‍ය ටිකක් වැඩියෙන් ඇය වටා කැරකෙන බව කරීනා මතක් කරන්නේ සිනහමුසු මුහුණින්. ඒ ගමන්ම ඇය හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට මේ විදියේ කතාවක් කියනවා.

‘ඕනෑම කෙනකුට මාත් එක්ක වැඩ කරන්නට පුළුවන් නම් වැඩකරන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මොන තත්ත්වයක හිටියත් භාරගත් වැඩ අවසන් කරන එක මගේ පුරුද්දක්’
කරීනාගේ සහ සයිෆ්ගේ විවාහයට ටිකක් අකැමැත්තෙන් සිටියත්, ඇගේ මව බබිතා සහ පියා රන්දීර් කපූර් සියලු අමනාපකම් අමතක කරලා කරීනාව බලන්න ගිහින් තිබුණා.

තමන්ගේ උකුළට එන්න ඉන්න මුනුබුරා නිසාම සියලු තරහ මරහ අමතක කරන්න පුළුවන් වෙන්න ඇති කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හංසි ආටිගල

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.