Gossip

මව් සෙනෙහස ගැන නොදුටු කතාවක්

වැල්ලව දෙමලිය වැව ගාව අද උදේ ඉතාම සංවේදී සිදුවීමක් දකින්න ලැබුණා.ඉපදුනු ගමන් අලි පැටියෙකු මිය ගිහින් ඒ අලි පැටියාගේ මව පැටවා ළඟින් නොසෙල්වී අද පස්වරු වන තුරුම රැඳී සිටීම ඉතා සංවේදී දසුනක් වුණා.

මිය ගිය පැටවා අසලටම වී මැස්සන් එළවමින් පැටවාගේ මව පැය ගාණක් රැඳී සිටින ආකාරය මුලින්ම දැකලා තියෙන්නේ  ලුණුගම් වෙහෙර වනජීවී නිලධාරීන්.

පසුව ඒ අය ගම්වාසින්ටත් උපදෙස් දුන්නේ මේ සිද්ධිය බලන්නවත් ඒ පැත්තට යන්න එපා කියලයි. මිනිස්සුන්ට වගේම මේ ලෝකේ ජිවත් වෙන හැම කෙනෙකුටම දරු සෙනහස උතුම් බව කියන්න මීට වඩා උදාහරණ ඕනේ නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.