Gossip

ස්වාමියා සොයාගෙන කිලෝමීටර් 6ක් පිහිනපු සුනඛයා

උතුරු ඇමරිකාවේ මිචිගන් විල කියන්නේ සංචාරකයන් අතරේ ජනප්‍රිය තැනක්.

මේ  විලේ සංචාරයකට යුවලක් ගියේ තමන්ගේ සුනඛයත් එක්ක.

ඔවුන් මේ විල බෝට්ටුවකින් තරණය කරමින් සිටියදී  බෝට්ටුවේ රැගෙන ගිය සුනඛයා දියට වැටී තිබෙනවා.

සුනඛයා නැති බව ඔවුන් දැනගත්තේ ගොඩට ආවට පස්සේ.

අනතුරුව හදිසි ඇමතුම් ඒකක වෙත රේඩියෝ පණිවිඩ යැවීමෙන් පසු ප‍්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන් ඔස්සේ සුනඛයා අතුරුදන්වීමේ පුවත ප‍්‍රචාරය කලත් කිසිම හෝඩුවාවක් ලැබී නැහැ.

සිද්ධියට පසුදින උදෑසන එක්තරා කාන්තාවක හදිසි ඇමතුම් ඒකක අමතා දන්වා ඇත්තේ එම කියූ ආකාරයේ ලක්ෂණ සහිත තෙමුණ සුනඛයෙක් තමන් විල් තීරයේදී දැකගත් බවයි.

පරීක්ෂා කරලා බලත්දී මේ විල මැදදී අතුරුදන් වූ සුනඛයා තමයි.

කිලෝමීටර 6 ක් දුර පිහිනා ගිහින්, තමන් බෝට්ටුව ට නැග්ග තැන වෙනකම් මෙයා ඇවිල්ලා.

ඊට පස්සේ ස්වාමියාගේ නිවසට ගමන් කරන්නට උත්සාහ දරා තියෙනවා.

කොහොමහරි මේ වෙද්දී, මෙයාව ගෙදර එක්කගෙන ගිහින්.

14159892_10201944639333181_1408187137_n 14191287_10201944639493185_589522638_o

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.