Political

අද උදේ පාන්දර උසාවියට ගිහින් ඇවිත් නාමල් ඊයේ මැච් එක අතරතුර වෙච්ච දෙයක් ගැන කතාකරයි

මුදල් විශුද්ධි කරණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.

එහිදී සැකකරුවන් 6 දෙනා අතරින් විදේශගතව සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන සැකකරුවන් දෙදෙනාට නැවත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළ අතර නඩුව දෙසැම්බර් 8ට කල් තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළා.

මේ නඩුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කිව්වේ කරුණෑගල පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගි වෙන්නේ නැහැ කියලයි.

ඒකට හේතුව විදිහට සිනාසෙමින් නාමල් මන්ත්‍රීවරයා කිව්වේ එදින උදෑසන ඔහුට FCIDයට යෑමට සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වගේ ඊයේ (31) දිනයේ ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය නරඹන්න ටිකට් ඉල්ලා උද්ඝෝෂණය කළ ක්‍රීඩාලෝලීන්ට එල්ල ජල ප්‍රහාරය සහ සරසවි සිසුන්ට එල්ල කළ ජල ප්‍රහාරය ගැන ද හරි අමුතු කතාවක් කිව්වා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.