Gossip

SL කොල්ලෝ ෆේල්, ඇන්ජිට අහිමි වෙයි, පිට්ටනියේ පිටිපස්ස කැළඹෙයි

aus

ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වූ ඔස්ට්‍රේලියා කණ්ඩාම එම පරාජයේ වාඩුව ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (31දා) සමත් වීමත් සමඟ.

ඒ වගේම දඹුල්ලේදී ඊයේ (31 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී දකුණු පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරගය අහිමි වන බව ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථිර කරයි.

තවද ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වූ අවසන් එක්දින තරඟය බැලීමට ටිකට් නැතැයි කියමින්  කුරුනෑගල – කොළඹ පාර හරස් කරගෙන විරෝධතා පැවැත්වූ පිරිස ඉවත් කිරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළා.

මේ අතර ශ්‍රි ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය බැලීමට දඹුල්ල ක්‍රිඩාංගනයට බලෙන් ඇතුල් වු බව කියන පිරිස් පාලනය කිරීමට ගිය පොලිස් නිලධරයෝ තිදෙනෙක්ද කොස්තාපල්වරු පස්දෙනෙකුද දඹුල්ල මහ රෝහලේ ප්‍රථිකාර ලබති.

ගල්මුල් වැදීම නිසා මාතලේ ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරිද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක්ද තුවාල ලබා සිටිති. .

සහකාර පොලිස් අධිකාරිවරු දෙදෙනෙකුට පහරදීමට තැත්කල බව කියන දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top