Gossip

හමුදාවේ ලුතිනන් කර්නල් බිරිදට වෙඩි තියපු බව කියන පිස්තෝලය හමුවුනු හැටි

මාළඹේ ප්‍රදේශයේ කාන්තාවකට වෙඩි තියපු කතාව වාර්තා වුනේ පසුගිය 27 වැනිදා රාත්‍රියේ.

මාළඹේ පිට්ටුගල ඉසුරුපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක තමන්ගේ දරුවෝ තුන්දෙනාත් එක්ක ජීවත්වුනු කාන්තාවක් තමයි මේ විදිහට වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ.

ඇය තලංගම රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරලා එව්වට පස්සේ තාමත් ප්‍රතිකාර ලබනවා.

නයනා ප්‍රනාන්දු නමැති 43 හැවිරිදි මේ කාන්තාවගේ බඩට සහ අතකට වෙඩි වැදිලා තියෙනවා.

මේ කාන්තාව තම සැමියා වන හමුදාවේ ලුතිනන් කර්නල්වරයාගෙන් වෙන්වෙලයි ජීවත් වුනේ.

ඒකට හේතුවෙලා තියෙන්නේ දෙන්නා අතර නිතරම ඇතිවන ආරවුල්.

ත්‍රස්ථවාදී යුද්ධ කාලේ නිතර ක්‍රියාන්විත සේවයේ හිටපු කෙනෙක් නිසා, යුධ හමුදා ලුතිනන් කර්නල්වරයා ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කිරිම ඒකට හේතුවක්.

මේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වපු අතුරුගිරිය පොලීසිය වෙඩි වැදුනු කාන්තාව වන නයනාගේ සැමියාගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කළා.

ඉතා සියුම් ලෙස සිදුකළ මේ පරීක්ෂණයේදි හැමදෙයක්ම අනාවරණය කරගන්න පොලීසියට පුළුවන් වුණා.

මේ යුධ හමුදා ලුතිනන් කර්නල්වරයා නෙළුම් පොකුණ රගහලේ දෙවන අණදෙන නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන කෙනෙක්.

සිද්ධිය වුනු පහුගිය සෙනසුරාදා තමන්ගේ බිරිදට මෙයා වෙඩි තියන්න ඇවිත් තිබුනේ තමන්ගෙම නිල රථයෙන්.

ඒ ගමන පිටත් වෙන්න කළින් නිල රථයේ අංක තහඩුත් වෙනස් කරලා.

රියදුරුත් එක්ක මාලඹේ ගෙදරට මීටර් 200ක් විතර එහායින් වාහනේ නතර කරපු සැකකරු තාප්පෙන් පැනලා ගෙවත්තට ඇතුළු වෙලා.

ඊට පස්සේ බිරිද නිදාගන්නා කාමරයේ කණ්නාඩි මේසය ළග රැකගෙන ඉදලා එයා වෙඩි ප්‍රහාර තුනක් එල්ල කරලා.

වෙඩි තියන්න පිස්තෝලය ගෙනල්ලා තියෙන්නේ එයා මහගෙදරින්.

වෙඩි තිබ්බට පස්සෙ ඒ සදහා භාවිතා කරපු පිස්තෝලය දියවන්නාවට විසිකළා කියලත් මෙයා පොලීසියට පාපොච්චාරණය කරලා.

ඒ අනුව අද පොලීසිය ජපන් මිත්‍රත්තව පාලම ගාව දියවන්නා ඔයේ ලොකු සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

ටික වේලාවක් පරීක්ෂා කළාට පස්සේ පාලම යට වතුරේ තිබිලා ඒ පිස්තෝලේ හොයාගන්න පොලීසියට හැකිවුණා.

ඒ පිස්තෝලේ ජීව උණ්ඩ 14ක් තිබුණා.

පවුල් ආරවුල් නිසා වෙන්වෙලා ජීවත්වුනු සැකකරුට එරෙහිව එයාගේ බිරිද ලබාගත්තු අධිකරණ නියෝගයක් තමයි මේ වෙඩි තැබීමට ආසන්න හේතුව වෙලා තියෙන්නේ.

නිවසට පැමිණීම තහනම් කරමින් බිරිද පහුගිය දවසක මේ අධිකරණ නියෝගය ලබාගෙන තිබුණා.

කොහොමවුනත් හැමදේම දැන් හෙළිවෙලා ඉවරයි.

47 වැනි වියේ පසුවන යුධ හමුදා ලුතිනන් කර්නල්වරයා හෙට කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරනවා කියලයි පොලීසිය කියන්නේ.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.