Gossip

දෙමහල් නිවසක සිටි දරුවන් තිදෙනෙකු ඉන්න මවකට වෙඩි තියලා

මාළඹේ පිට්ටුගල ඉසුරුපුර ප‍්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත් වූ යුධ හමුදා කර්නල්වරයෙකුගේ බීරිදකට කිසියම් පුද්ගලයෙකු විසින් පෙරේදා (27) රාතී‍්‍රයේ වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි පහර දෙකක් ඇයගේ කුස ප‍්‍රදේශයට සහ එක් අතකට වැදී ඇතැයිද ඇය ප‍්‍රතිකාර සඳහා තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ 43 හැවිරිදි තිදරු මවක් වන නයනා ප‍්‍රනාන්දු නැමැති කාන්තාවකට. ඇය සිය සැමියාගෙන් දික්කසාද වීම සඳහා අධිකරණයෙහි නඩුවක් පවරා ඇති අතර එය ලබන මස මුල් සතියෙහි විභාග වීමට ද නියමිතයි.

මෙම කාන්තාව සහ දරුවන් තිදෙනා නිවසේ සිටීන අතරතුර පෙරේදා රාතී‍්‍ර 10 ට පමණ ශබ්දයක් ඇසී බලන විට එක්වරම නිවසක ජනේලයෙන් කිසියම් පුද්ගලයෙකු වෙඩි තැබූ බවද එම පුද්ගලයා තම පියාගේ හැඩහුරුකම්වලට සමාන පුද්ගලයෙකු බවද දරුවන් විසින් හදුනා ගෙන ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරු නිවසේ පිටුපස බීත්තියෙන් නැග නිවසට ඇතුල් වී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට මූලීක පරීක්ෂණවලදී කරුනු අනාවරණය වී ඇතැයි අතුරුගිරිය පොලිසියේ ජේෂ්ඨ නිළධාරියෙකු පැවසීය.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශණ අංශයේ නිළධාරීන්  පරීක්ෂණ පවත්වයි.

පාදුක්ක- කේ බුද්ධික කුමාරසිරි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.