Gossip

රුසියානු ඔලිම්පික් කණ්ඩායමට ලැබිච්ච සුපිරිම මෝටර් රථ තෑගි

මෙවර ඔලිම්පික් පදක්කම් දිනූ සියලූම රුසියානු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අගමැතිවරයා බී. එම්. ඩබ්ලිව් මෝටර් රථය බැගින් තෑගි කළා.

මේ ඔබ දකින්නේ රුසියානු අගමැති මෙද්වදෙව් අතින් ඒ වාසනාව හිමිකර ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්.

තහනම් උත්තේජක ගැටලූව නිසා ඔලිම්පික් උළෙලේදී රටක් වශයෙන් රුසියාව ලක්වූ පසුබෑම සහ අපහසුතාවය වෙනුවට ඔවුන් දිරිමත් කිරීම සඳහා මේ පියවර සතුටින් යුතුව ගත් බව අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා.

මෙවර රියෝ ඔලිම්පික් උළෙලේදී රුසියානු කණ්ඩායම රන් 19 ක්, රිදී 18 ක් සහ ලෝකඩ 19 ක් දිනාගත්තේ ජවන හා පිටිය ඉසව් සඳහා තරගවැදීමකින් තොරවයි. නමුත් ඔවුන් මෙවරත් සමස්ත තරගාවලියේ සිව්වන තැන දිනාගත්තා.

ඔවුන්ට විශාල මුදල් ත්‍යාගයන් ද ලැබුණු බව වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top