Gossip

ලොකු ප්‍රශ්ණයක් වෙන මහනුවර අලි ප්‍රශ්නය

මේ දවස්වල මහනුවර ශ්‍රී දළඳා මාලිඟාවේ ඇසල පෙරහැර පුජෝත්සවයත් පැවැත්වෙනවා. හැබැයි අලි ප්‍රශ්නයක් මුල් කරගෙන භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් අද මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඓතිහාසික මහ මළුව ඉදිරිපිට උපවාසයක නිරත වෙනවා.

ඒ අය කියන්නේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් අල්ලලා අධිකරණ භාරයේ තියෙන අලි ඇතුන් මහ නුවර ඇසල පෙරහැර වෙනුවෙන් නිදහස් කරන්න කියලයි.

මෙම අලි පෙරහැරට නිදහස් කරනවා කියලා ලිඛිත පොරොන්දුවක් ආණ්ඩුවක් දෙන්නේ නැත්නම් මහනුවර ඇසල පෙරහැරෙන් අලි ඇත්තු ඉවත් කරගන්නවා කියලත් හිලෑ අලි ඇතුන් සුරැකීමේ සභාපති මාගල් කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරනවා.

අලි ඇතුන් 39 දෙනෙක් අධිකරණ භාරයේ හා රක්ෂිත සහ රැඳවුම් මධ්‍යස්ථානවල ඉන්නවා. මේ නිසා ඇසල පෙරහරේ මෙවර ගමන් කරන්නේ අලි ඇතුන් 35 දෙනෙක් කියලයි උන්වහන්සේ කිවුවේ.

අද දවල් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියත් භික්ෂුන් වහන්සේලා හමුවී මේ ප්‍රශ්නය ගැන කතා කළා.

ඒ සාකච්ජා සාර්ථක වුණේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.