Gossip

BMW කාර් එකකින් මඩගොඩේ Drift කරලා දාපු වැඩ ටිකක් අරගෙන ගහපු මඩක ඇත්ත හෙළිවෙයි

bmw-car

මේ දවස්වල සමාජජාල හරහා BMW මෝටර් රථයක් දඹුල්ල කණ්ඩලම වැව ළග Drift කරන වීඩියෝවක් පැතිර යමින් තියෙනවා.

ගොඩක් කට්ටිය කිව්වා මේ BMW කාර් එකෙන් වැඩ දාන්නේ ජනපතිතුමාගේ පුත් දහම් සිරිසේන කියලා.

එක එක දේශපාලන වාසි ලබාගන්න ඕන නිසා පටු අරමුණින් කිසියම් පිරිසක් මේ වීඩියෝව දහම් සිරිසේන මහතාගේ කියලා කිව්වට ඒ වීඩියෝව වගේම එහි ඇති මෝටර් රථය අයිති මාතලේ තරුණයෙක්ටලු.

එහි සත්‍ය අසත්‍යභාවය ගැන එයාගේ ෆේස්බුක් ගිණුමේද සඳහන් කරලා තියෙනවා.

ඔහු කියනවා BMW මෝටර් රථයෙන් අදාල වීඩියෝව රෙකෝඩ් කරලා තියෙන්නේ 2016.07.31 දින Bike Squad – Matale සහ Matale Offroaders විසින් එක්ව සංවිධානය කළ මෝටර් රථ රැළියකදී කියලා.

අංක තහඩු එක්ක දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් තමන්ගේ වීඩියෝව අසත්‍ය පුවතක් ලෙසින් පළකිරීම මඟින් ඔහු කණගාටුවෙනවලු.

කෙනෙක්ගේ දක්ෂතාවය තව එකෙක්ට මඩ ගහන්න පාවිච්චි කරන එක ලැජ්ජා සහගත ක්‍රියාවක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top