Gossip

එකත් එපාවෙලා දෙකත් එපා වෙච්ච කාන්තාව රුපියල් 2000කට විකුණලා

සිය සැමියා තම බිරිඳ වෙනත් අයකුට රුපියල් 2000කට විකිණූ බව කියන කාන්තාව ඔහු සමඟ ගිය ද තවත් අයකු සමඟින් පලාගියේ යැයි එම ඉරණමට ලක්වූ දෙදරු මවක පොල්පිතිගම පොලිසියට පැමිණිලි කර තිබේ.

මොරගොල්ලාගම ප‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ පළමු විවාහය අසාර්ථක වී තිබේ. ඉන්පසුව බාලවයස්කාර දියණියක සමඟින් එම ප‍්‍රදේශයේ විවාහය අසාර්ථක පුද්ගලයකු සමඟ යළි විවාහ වී ඇත.

එම විවාහයෙන් යළි දියණියක් ලැබූ පසුවද නිතර මොවුන් දෙදෙනා අතර රණ්ඩුසරුවල් ඇතිව තිබේ.

මේ හේතුවෙන් එම පුරුෂයා තම බිරිඳ මීගලෑවේ හිතවතුකට රුපියල් 2000කට විකුණා ඇත.

දරුවන් නොමැතිව මෙම කාන්තාවගේ කැමැත්ත ඇතිව මෙලෙස ඇය විකුණා ඇති අතර මීගලෑව ප‍්‍රදේශයේ නිවසක අලූත් හිතවතා සමඟ කල් ගෙවූ ඇය ඔහුද අතහැර තළාකොලවැව පදිංචිකරුවකු සමඟ යුගදිවි ඇරඹීමට යන අතරතුර සිය ආරක්ෂාව තකා පැමිණිල්ලක් කළ බව ඇය පොලිසියට පවසා තිබේ.

ඇයගේ පැමිණිල්ලට අනුව ඇය විකිණූ සැමියා ද ඇය මුදලට ගත් පුද්ගලයා ද පොලිසියට කැදවා පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

(සිදත් කැලේගම-පොල්පිතිගම)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.