Political

මෛත්‍රී හිටපු නිවස මිලියන 40කට රෙපයාර් කරලා මහින්දට දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වාසස්ථානයේ වෙනසක් සිදුවෙලා කියලා දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව මාස 06කට වැඩි කාලයක් කොළඹ 07 විජේරාම මාවතේ තියෙන සුපිරි නිවාසයක පදිංචි වෙලා හිටියේ.

ඉතිං ඒ නිවස රුපියල් මිලියන 40කට ආසන්න මුදලකින් අලුත්වැඩියා කරලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට ලබාදීලා කියලා වාර්තා වෙනවා.

මේ වෙන කොට මහින්ද රාජපක්ෂ දැන් පදිංචි වෙලා ඉන්නේ ඒ සුපිරි ගෙදරලු.

තමන්ට පදිංචිවෙන්න කොළඹ අවට නිවසක් ලබාදෙන්න කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කරපු ඉල්ලීමකට අනුව මේ නිවාසය ලබාදුන්නා කියලයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

මේ සුපිරි නිවස අලුත් වැඩියා කරන අයුරු වගේම ඊට පස්සේ ගත්තු ඡායාරූප පහතින් බලන්න…

 

1 2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.