Gossip

Update : කොළඹට එන පාද යාත්‍රාවේ අවසන් රැළිය ලිප්ටන් වටරවුමේ පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය කියයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ අවසන් රැස්වීම ලිප්ටන් වටරවුම ආසන්නයේ පවත්වන්න තීරණය කරලා තියෙනවා.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු කණ්ඩායම් ලිප්ටන් වටරවුම ආසන්නයේ රැස්වීම පැවැත්වීමට අවශ්‍ය වන සංවිධාන කටයුතු සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

කොහොමවුනත් මීට ටික වේලාවකට ඉස්සෙල්ලා ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඇහුවම ඔහු ගොඩක් හිතලා බලලා කිව්වේ හයිඩ්පාර්ක් හරහා ලිප්ටන් වටරවුමට එනවා කියලයි.

Update :2016-08-01 3.25 pm

————————————

ඒකාබද්ධ විපක්ෂයේ පාගමනේ අවසන් දිනය සදහා කිරිබත්ගොඩින් පාද යාත්‍රාව මේ වෙන කොට ආරම්භ වෙලා තියෙනවා.

මේ රැළියේ අවසන් ස්ථානය ගැන ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා.

ඒකට හේතුව තමයි මෙයාලා මේ පාගමේ අවසන් රැස්වීම තියන්න සූදානම් වෙලා තිබුනේ කොළඹ හයිඩ්පිටියේ අහිමිවීම නිසයි.

හදිසි සංවර්ධන කටයුත්තක් හේතුවෙන් හයිඩ්පිටිය ලබාදෙන්න විදිහක් නැහැ කියලා, ඒ ක්‍රීඩාංගණය වෙන් කරපුු වාසුදේව නානායක්කාරට කොළඹ නගර සභාවෙන් දන්වලා.

මේ වෙන කොටත් ඒකේ වළවල් හාරලා හදිසි සංවර්ධන වැඩකටයුත්තක් කෙරෙන ආකාරය ඒ පැත්තෙන් යන ඕන කෙනෙක්ට දැකගන්න පුළුවන්.

ඒ නිසා අවසන් දිනයේ රැළිය තියන්නේ කොහෙද කියලා පෙළපාලියට එකතු වුනු වෙලාවක හිටපු ජනාධිපතිතුමාගෙන් මාධ්‍යව්දියෙක් ඇහුවා.

ඒ වෙලාවේ මහින්ද මහතා කිව්වේ “බැරි වුනොත් ගාලුමුවදොර පිටියට හරි ගිහිල්ලා බලනවා කියලයි”.

කොහොම වුනත් තවත් විශ්වාංස ආරංචි මාර්ගයක් කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ රැලිය මහ පාරේ පැවැත්වීමට බොහෝ දුරට ඇති බවයි.

මෙය ලිෆ්ටන් වටරවුමේ එහෙමත් නැත්නම් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වන අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙය අවසාන මොහොත දක්වා රහසක් ලෙස තබාගැනීමට සැළසුම් කර තිබෙනවා.

මේ අතර පසුගිය දින කිහිපය පුරා සිදුවූවාක් මෙන් විපක්ෂයේ පාගමනට එරෙහිව පොලීසිය අධිකරණ නියෝග ලබාගැනීමේ සූදානමක් පවතින බව ද වාර්තා වනවා.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාගමන මේ වෙන කොට කිරිබත්ගොඩ ඉදලා කොළඹ පැත්තට පැමිණෙමින් තියෙනවා.

මේ සමාරම්භක අවස්ථාවට එක්වුනු හිටපු ජනාධිපතිතුමා කිව්වේ ඉතිහාසයේ දැක්ක ලොකුම පාදයාත්‍රාව මේක කියලයි.

පහුගිය 28 වැනිදා පෙරාදෙනියෙන් පටන්ගත්තු පාදයාත්‍රාව ඊට පස්සේ උතුවන්කන්ද, නෙළුම්දෙණිය, නිට්ටඹුව යන නගර වලින් ආරම්භ වෙලා ඉදිරියට ඇදුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.