Gossip

වෙඩි 15ක් ඇඟට වැදී කුඩු රෝහාන්ගේ මස්සිනාගෙන් පළිගැනීම කෙළවර වෙයි

මහර උසාවිය ගාව මීට දින කිහිපයකට ඉස්සෙල්ලා පුද්ගලයෙක් ඝාතනය කළේ බිරිඳක් එක්ක මෝටර් රථයේ යමින් සිටියදී.

ඊයේ රෑ පිළියන්දල කිට්ටුවදී පුද්ගලයෙකු මෝටර් රථයකින් යමින් සිටියදී ඒ විදියටම වෙඩි තියලා මරා දාලා. මහර උසාවිය ගාව මරපු සිද්ධියට පළිගැනීමක් විදියට මේ වෙඩි තැබීම කළා කියලයි වාර්තා වෙන්නේ.

පිළියන්දල මහරගම මාර්ගයේ කැස්බෑව අලුත්පාර හමුවෙන හන්දිය කිට්ටුව ට්‍රැෆික් ලයිට් ගාවදි තමා මේ වෙඩි තැබීම සිදුකරලා තියෙන්නේ. එයාගේ කාර් එකට දෙපැත්තෙන්ම වෙඩි තියලා.  සුදුපාට කාර් එකකින් ආපු කට්ටියක් ටි 56 ගිනි අවියකින් වෙඩි 20ක් විතර තියලා තියෙනවා. ඉන් පහළොවක් විතර මෙයාට වැදිලා. බෙල්ලට හිසට වගේම උර හිසටත් හොඳටම වෙඩි වැදිලා. සිද්ධිය වුණු තැනම එයා මරණයට පත් වුණා.

මේ විදියට මරණයට පත් වුණේ ප්‍රභාත් ලසන්ත පෙරේරා නමැති 33 හැවිරිදි පුද්ගලයෙක්. එයා ප්‍රබල පාතාල සාමාජිකයෙක් වන කුඩු රෝහාන්ගේ මස්සිනා. එයාගේ මෝටර් රථය පරික්ෂා කළාම එකේ තිබිලා විදේශීය මත්පැන් බෝතල් හතරකුත් පොලිසියට හමුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.