Gossip

අහිංසක සත්තු මරපු අයට හතේ හත වදී

අහිංසක සත්තු මරලා දාලා වීරයෝ වගේ ඡායාරූප අරන් ෆේස්බුක් එකේ දාපු සිද්ධිය අපේ රටේ අය ගොඩක් කම්පාවට පත්කළා.

මේ ඡායාරූපවල මරපු සත්තු ගාන ඒ සත්තුන්ව මරපු හැටි වගේම මේ අපරාධය කළ අයවත් පැහැදිලිව පේන්න තිබුණා. මේ අය කවුද කියලා හැමෝම විමසිලිමත් වෙද්දී ෆේස් බුකියේම කට්ටිය එයාලා ගැන ගොඩක් තොරතුරු හෙළිකරලා තිබුණා.

පන්නිල පැත්තේ වතුහිමියෙකුගේ පුතෙක් එයාගේ යාළුවෙක් වගේම සේවකයෙක් එක්ක එකතුවෙලා මේ වැඩේ කළා කියලා තමා තොරතුරු ලැබුණේ.

කොහොම වුණත් අද මේ අයට වැඩ වැරදුණා. පන්නිල පොලිසිය මේ අපරාධයට සම්බන්ධ හය දෙනෙක් අත්අඩංගුවට අරගෙන. එයාලා ගැන ගොඩක් තොරතුරු වගේම කට්ටියම මේ අපරාධය කළේ කොහොමද කියලා පොලිසිය හැම තොරතුරක්ම හොයාගෙන. මේ අය දඩයම් කරපු සත්තු  අතර අපේ රටේ ආරක්‍ෂිත සතුන් විදියට නම් කරපු සත්තුත් ඉන්නවා. වැලි මුවන්, ඉත්තෑවන්, වල් ඌරන්, වවුලන් ඇතුළු සත්තු ගණනාවකට අත් වුණු ඉරණම ගැන මේ ඡායාරූප හොඳම සාක්ෂියක්.

පන්නිල ආරත්ත ප්‍රදේශයේ තියෙන වතු යායක්ම අයිති මේ අපරාධය කළ කෙනාගේ පියාට මේ වතු යායේ මායිම් වෙන්නේ නකල් රක්ෂිතයට නිසා වත්තේ සත්තුන්ගෙන් අඩුවක් නෑ. ඒ වාසිය ප්‍රයෝජනයට අරන් තමයි වත්තේ හිමිකරුගේ පුතා මිතුරන් සහ වත්තේ සේවකයන් සම්බන්ධ කරගෙන වන සත්තුන්ට මේ අපරාධය කරලා තියෙන්නේ.

අද උදේ මේ වැඩේ කරලා තියෙන ප්‍රධාන සැකකරු ඇතුළු හයදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. එයාලා කුරුල්ලන් දඩයම් කරන්න යොදා ගත්තු වායු රයිෆල් එක වගේම පිස්තෝලයකුත් පොලිස් භාරයට අරගෙන. එයාලා මේ වැඩේට යොදා ගත්ත තවත් ආයුධ තියෙනවා කියලයි පොලිසිය කියන්නේ. මේ අයව අද හැන්දෑවේ තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

සැකකරුවන් ලබන 7 වැනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.