Paper Gossip

කෝට්‌ටේ නගරාධිපතිගේ දරු දෙදෙනාටත් ඩෙංගු

Kotte-maeyor

“මගේ ගෙදර ඩෙංගු කීටයෝ ඉන්නවා නම් පී. එච්. අයි. මහත්වරු මට නඩු දාන්න තිබුණා. නඩු නොදාපු එකෙන් අද මගේ දරුවන් දෙදෙනාටත් ඩෙංගු හැදිලා රෝහලේ” යෑයි කෝට්‌ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා (එජනිස) පැවැසීය.

නගරාධිපතිවරයා එසේ පැවැසුවේ පෙරේදා (28 වැනිදා) පැවැති ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ මහ නගර සභාවේ මාසික මහා සභා රැස්‌වීමේදීය. එහිදී තවදුරටත් කතා කළ නගරාධිපතිවරයා මෙසේද කීය.

“මීට දින 14 කට පෙර මගේ නිවස ආසන්නයේ නිවසක සිටි ඩෙංගු මදුරු කීටයන් සොයා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන්ට හැකිවී තිබුණා. ඒත් ඔවුන් ඒ අනුව නීත්‍යනුකූලව කටයුතු කිරීමට හෝ මදුරු කීට මර්දනයට අවශ්‍ය කටයුතු කර නැහැ.

මෙවැනි ක්‍රියා නිසා අද මගේ දරුවන් දෙදෙනාත් ඩෙංගු රෝගීන් බවට පත්වෙලා. එම නිලධාරීන්ට මා මීට පෙර උපදෙස්‌ දී තිබුණා මගේ ගෙදර හරි ඩෙංගු මදුරු කීටයන් හිටියොත් නඩු පවරන්න කියලා. එම උපදෙස්‌ ක්‍රියාත්මක නොකිරීම කනගාටුවට කරුණක්‌.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු සහ ඥානතිස්‌ස ජයවර්ධන

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top