Gossip

ජර්මානු සිනමා ශාලාව දෙවනත් කරපු වෙඩික්කරු වෙඩි පහරින් නසී

බටහිර ජර්මනියේ සිනමා ශාලාවකදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකරලා කියලා විදෙස් මාධ්‍ය වාර්ත කරනවා.

ෆ්‍රැන්ක්ෆර්ට් නගරයට ආසන්න, වියර්න්හෙයිම් හි කිනෝපොලිස් වෙළෙඳ සංකීර්ණයේ වූ සිනමා ශාලාවක වෙඩි ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුනු හදිසි ඇමතුමක් ලැබීමත් එක්ක ආරක්ෂක අංශ ඒ වෙත ඒ ස්ථානයට ගිහින් තියෙනවා.

මරාගෙන මැරෙන බෝම්බ බඳ පටියක් පැළඳි තුවක්කුකරුවෙකු සිනමා ශාලාවට ඇතුළු වී පිරිසක් ප්‍රාණ ඇපයේ රඳවා ගැනීමට උත්සාහ ගෙන ඇති බවත්, පසුව විශේෂ බලකාය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ එම වෙඩිකරු සිදුකළ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 20ත් 50ත් අතර පිරිසක් තුවාල ලබලා කියලයි.

මේ සිද්ධි වන අවස්ථාවේ සිනමා ශාලාවේ තුළ CCTV කැමරාවල සටහන් වුනු හැටි සහ තවත් වීඩියෝ සහ ඡායාරූප පහතින් බලන්න….

 

a b c d

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.