Gossip

එංගලන්තේ සුපිරි විස්සේ සුපිරි සංගා වැඩ දැම්ම මැච් එක උණුසුම් වෙලා

Sanga

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන සුපිරි විස්සයි විස්ස තරගාවලිය තමා Natwest T20 blast කියන්නේ. මේ තරගාවලියට ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනත් සහභාගී වෙලා ඉන්නවා.

මෑතකදී Surrey සහ Essex Eagles කණ්ඩායම අතර පැවති තරගය උණුසුම් මුහුවරක් ගත්තා. Surrey කියන්නේ කුමාර් සංගක්කාර නියෝජනය කරන කණ්ඩායම. පළමුවෙන් පන්දුවට පහරදෙන සංගාගේ කණ්ඩායම ලකුණු 170ක් ලබා ගන්නවා. මෙහිදී සංගා පන්දු 15කදී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වෙනවා.

ලකුණු 171ක ඉලක්කය හඹා යන්න පිටියට පිවිසි Essex Eagles කණ්ඩායමට ජය හිමිව තිබු තරගය ඔහුන්ගෙන් උදුරා ගැනීමට Surrey කණ්ඩායමේ වේගපන්දු යවන අසාර් මොහ්මුඩ් සමත් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.