Gossip

ගේල් හයේවා ගැහුවත් කෝලිගේ සිහින කප් එක වෝනර් උදුර ගනී

Koli

නමවැනි අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඩේවිඩ් වෝනර් නායකත්වය දැරූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (29 වැනිදා) සමත් විය. බැංගලෝර්හිදී පැවැති අවසන් මහ තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 8 කින් පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කි‍්‍රස් ගේල් (76) සහ නායක විරාට් කෝලි (54) සමත් වුවත් බැංගලෝර් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.

පන්දු 38 කින් වාර්තා වූ ගේල්ගේ ප‍්‍රවේගකාරී ඉනිමට හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ කෝලිගේ හත්වැනි අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ත් අන්තර්ගත විය.

හයිද්‍රාබාද් කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා වූ බෙන් කටින් ඕවර 4 ක් යවා ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත් වූ අතර තරග 16 කදී ලකුණු 973 ක් ලබාගත් විරාට් කෝලි තරගාවලියේ වීරයා බවට පත් විය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේගපන්දු යවන කී‍්‍රඩක ෂේන් වොට්සන් මෙම තරගයේදී ඉතා දරුණු පහර කෑමකට ලක්වූ අතර ඔහුගේ  ඕවර හතරේදී ලකුණු 61 රැස්කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායමේ පිතිකරුවෝ සමත් වූහ. එය අයි. පී. එල්. ඉතිහාසයේ අවසන් මහ තරගයකදී පන්දුයවන්නෙකු ප‍්‍රතිවාදීන්ට ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.