Gossip

කුසලානය ළඟ තියාගෙන කෝලි කිව්ව කතාව

koli

ඉන්දීය ක්‍රිකට් වසන්තය සැණකෙළිය එහෙමත් නැත්නම් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටන අද (29) තවත් හෝරා කිහිපයකින් ආරම්භ වෙනවා.

මෙවර අවසන් මහා සටනට සුදුසුකම් ලැබුවේ විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සහ ඩේවිඩ් වෝනර්ගේ නායකත්වයෙන් යුත් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

බැංගලූර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ සටන පෙර විරාත් කෝලි ඊයේ (28) මාධ්‍ය හමුවකදී තරගයට මුහුණදෙන්න සුදානම් වෙන හැටි කිව්වේ මෙහෙමයි.

සරල ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිවාදීන්ට පහරදීමට බලාපොරොත්තු වෙනවා වගේම අද දවස බැංගලූර් වැසියන්ට ලොකු වෙනසක් දකින්නට ලැබේවි කියලත් බැංගලූර් කණ්ඩායමේ නායක විරාත් කෝලි කියනවා.

තමන්ගේ කණ්ඩායම දිරිමත් කිරීමට චින්නස්වාමි ක්‍රීඩාපිටිය එන ලෙසට ද කෝලි මෙහිදී ක්‍රීඩාලෝලීන්ට ආරාධනා කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.