Gossip

ලංකාවේ තවත් කන්දක් ලොකු අවදානමක

නිකපිටිය, බෙලිහුල්වාන, උනන්කන්ද නාය යෑම් අවදානමක පවතින බවට වාර්තා වෙනවා.

රඹුක්කන බෙලිගොඩපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක විහාල ගස් කොළන් ඇද වැටි පොළව විශාල ලෙස ඉරි තැලි ගිලා බැස තිබේ.

මේ අතර පසුගිය දිනයන්හි නොකඩවා ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රීක්ක කිපයක ස්ථාන නාය ගිය අතර,තවත් ස්ථාන නිපයක් නාය යෑමේ අවදානමට ලක්ව තිබුණි.

රඹුක්කන මැතිවර්ණ කොට්ඨාසයේ බෙලිගොඩපිටිය ප්‍රදේශයේ වතුගල පාමුල පදිංච්ව සිටි නිවස 22ක් නාය යැමේ අවදානම් තත්ත්වයක් නිසා 80කට ආසන්න පිරිසක් එ් ආසන්නයේ වු බැප්ටිස් දේවස්තානයේ රදවා තිබේ.

මෙම නිවාස ආසන්නයේ අක්කර තුනක පමණ භුමියේ කොටසක පොළව පුපුරා එහි තිබු මහෝගනි,කැන්ද ආදි විශාල ගස් කොළන් රැසක් බිම ඇද වැටි තිබේ.

මෙම නිවාස හා භුමී පරික්ෂා කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරින් පවසා ඇත්තේ නාය යැමේ අවදානමක් තිබේන බැවින් නිවාසවල පදිංචිකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්ව ආරක්ෂත ස්ථානවෙත ගමන් කරන ලෙසයි.

ඒ අනුව එම පිරිස් දේවස්ථානයේ රදවාගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.