Gossip

වැස්ස නිසා ආපහු කොළඹ යටවෙන්න පටන්ගනී

පහුගිය දවස් ටිකේ අපේ මුළු රටටම වගේ වර්ෂාව නිසා හුගක් ජීවිත වගේම දේපළ අහිමි වුණා.

ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ වැස්ස අඩුවුණා.

ඒත් ඊයේ ඉදලා ආයිමත් වැස්ස වැඩිවෙන්න පටන් ගෙන තියෙනවා.

මේ වැස්ස නිසා ඔන්න ආයිමත් ගිං ගගත් පිටාර ගලන්න පටන් අරන්.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වලට ඇදහැලෙන අධික වර්ෂාව නිසා කාසල්රී ජලාශයත් පිටාර මට්ටමට ඇවිල්ලා.

ඒ විතරක් නෙමෙයි කැළණි ගගේ ජල මට්ටම ද වැඩිවෙන්න පටන් අරන් කියලා වාර්තා වෙනවා.

කොළඹට ඇදහැලෙන අධික වර්ෂාවත් එක්ක මේ වෙන කොටත් ආමර්වීදිය, තුම්මුල්ල වගේම ඉගුරුකඩේ හන්දියත් ජලයෙන් යටවෙලා.

කොහොම වුනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නම් කියන්නේ රටේ පළාත් රැසකටම අදත් මිලිමීටර් 100ක විතර තද වැසි ඇතිවෙන්න පුළුවන් කියලයි.

ඒ විතරක් නෙමෙයි විටන් විට තද සුළං ද ඇති වෙන්න පුළුවන් කියලා වැඩිදුරටත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.

 

13255931_2032071537018386_208749447236701595_n 13256335_10208067686108377_294385933399896858_n 13263960_10154072211561276_8319125682359289249_n 13267788_637302386426024_2162606996063351233_n 13307382_2032071573685049_3339414711958372741_n 13307446_637302443092685_2841864337518027957_n 13319855_10154878965162366_6284201036562769149_n 13321989_637302419759354_4006458607738551498_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.