Gossip

කළ නොහැකි දෙයක් කර ඩේවිඩ් වෝනර් කණ්ඩායම අන්තිම සටන අරන් යයි

woner

ඬේවිඞ් වෝනර්ගේ නායකත්වයේ ඉනිම නිසා අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (27 වැනිදා) සමත් විය.

අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා දිල්ලිහිදී පැවැති දෙවැනි තරගයේදී ගුජරාට් ලයන්ස් කණ්ඩායම කඩුලූ 4 කින් පරාජය කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ඩේවිඞ් වෝනර් පන්දු 58 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 93 ක් රැස්කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top