Gossip

එළවළු කාලා හමාරයි

එළවළු වර්ගවල කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 300 ත් 400 ත් අතර ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ තොරතුරු අනාවරණය කරයි.

මේ තත්ත්වය තුළ බෝංචි, ලීක්ස්, කැරට් යන ප්‍රධාන එළවළු වර්ගවල අද කිලෝ ග්‍රෑම් එකක තොග මිල සටහන් වූයේ රුපියල් 170 ත් 280 ත් අතර මිලක ය.

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් මෙම මිල ගණන් යථා තත්ත්වයට පත් වීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ ගොවීන් ඇතැම් එළවළු වර්ග නියමිත පිරිදි මේරිමට කලින් වෙළෙඳපොළ වෙත යොමු කරන බව ද ඇතැම් ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දිනමිණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.