Gossip

හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිගේ දියණියව සැමියා ඝාතනය කරලා

හොරොව්පතාන පොලිසිය ස්ථානාධිපතිවරයාගේ නිවස තිබුණේ ගලෙන් බිඳුණු වැව ගලපිටගල පැත්තේ. ස්ථානාධිපතිවරයාගේ වැඩිමහල් දියණිය ප්‍රදේශයේම තරුණයෙක් එක්ක විවාහ වුණේ වයස අවුරුදු 16දී. ඒ ප්‍රදේශයේම ගැරේජ් එකක් කරන එක්කෙනෙක් එක්ක.

දෙන්නා අතර ඇතිවුණු ආරවුල් නිසා මේ තරුණිය පස්සේ තමන්ගේ දරුවත් එක්ක අම්මයි තාත්තයි ගාවට ආවා . පස්සේ සැකකරු මේ තරුණියගේ මහා ගෙදරටම ඇවිත් ජිවත් වුණත් දෙන්නා අතරේ නිතරම ආරවුල් ඇති වුණා.

අද පාන්දර දෙකට විතර ගෙදර ආපු මේ තරුණයා පොලිස් ස්ථානාධිපතිගේ දියණියත් එක්ක ආයෙත් රණ්ඩු වෙලා. රණ්ඩුව දුරදිග ගිහින් හංගගෙන හිටිය පිහියකින් තරුණියට ඇනගෙන ගිහින්. තරුණිය කෑ ගහන හඬ ඇහිලා එතනට දුවගෙන ආපු එයාගේ අම්මට මේ පුද්ගලයා පිහියෙන් ඇනලා. ලේ විලක් මැද හිටපු අම්මයි දුවයි ගලෙන් බිඳුණු වැව රෝහලට ගෙනිච්චට පස්සේ එතනින් අනුරාධපුර මහා රෝහලට මාරු කර යැව්වා.

අතරමඟදී 20හැවිරිදි පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණිය මරණයට පත්වුණා. ඇයගේ මවගේ තත්ත්වය හොඳටම බරපතලයි කියලයි රෝහල් ආරංචි මාර්ග කියන්නේ. තමන්ගේ බිරිඳටයි නැන්දම්මටයි මේ අපරාධය කරපු 24හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලා ගියා.

හැබැයි පොලිසියට මේ තරුණයා නිවසක හැංගිලා ඉන්නවා කියලා ලැබුණු තොරතුරකට අනුව දුටුගැමුණු ප්‍රදේශයේ නිවසක් වැටලුවා. ඒ වෙලාවේ පොලිසිය දැකලා අන්දමන්ද වුණ මේ තරුණයා වස පානය කරලා. එයාව ගලෙන් බිඳුණු වැව රෝහලට ඇතුළත් කරලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.