Gossip

ඩිවිලියර් තනිවම ගහපු ගැහිල්ලෙන් කෝලිගේ කණ්ඩායම අවසන් මහා තරගයට යයි

koli

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලුර් කණ්ඩායමට හැකිවුණා.

පළමුවැනි සුදුසුකම් ලැබීමේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ තරගයට මුහුණු දුන්නේ බැංගලූර් කණ්ඩායම සහ ගුජරාට් කණ්ඩායමයි.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන්නු ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ සියලුදෙනා දැවී ලකුණු 158ක් රැස්කර ගත්තා.

අනතුරුව පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බැංගලූර් කණ්ඩායමේ සුපිරි තරුවක් වුනු ඒබී ඩිවිලියර්ස් පන්දු 47කදි හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් එක්ක ලකුණු 79ක් නොදැවී ලබාගත්තේ හුදකලා සටනක නිරත වෙමින්.

විරාත් කෝලි ලකුණු නොලබා දැවී ගිය අතර, ක්‍රිස්ගේල් ලකුණු 9කට දැවී ගියා.

ඒ අනුව බැංගලූර් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2කදි කඩුළු 6ක් දැවී ලකුණු 159ක් රැස් කර ගනිමින් ජය වාර්තා කළා.

මෙම තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් නරඹන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.