Gossip

අරණායක නාය යෑම අස්සේ වෙච්ච පව්කාර වැඩක් හෙළිවෙයි

නායයෑමේ අවදානම නිසා ත්‍රිරෝද රථය ගෙදර දමා ජීවිත බේරා ගන්නට ඥාති නිවෙසකට ගිය අරණායක දෙබත්ගම පල්ලෙබාගේ ප්‍රදේශයේ පවුලකට ආපදා සහන වෙනුවට එම ත්‍රිරෝද රථයේ රෝද තුනම ගලවාගෙන යෑමේ පහත් ක්‍රියාවකට මුහුණ දීමට සිදු වූ පුවතක් වාර්තා වෙයි.

දෙබත්ගම පල්ලෙබාගේ පදිංචි සුරංග පුෂ්පකුමාර මහතාට අයත් ත්‍රිරෝද රථයේ රෝද තුන මෙසේ ගලවා ගෙන ගොස් තිබේ.

පවුලේ ජීවිත බේරා ගන්නට ගිය පුෂ්ප කුමාරට ඉකුත් 21 වැනිදා මුහුණ දෙන්නට වූ සිදුවීම ගැන අදහස් දක්වමින් මෙසේ කීය.

මේ පළාතෙ තමයි නාය ගිහින් හුඟ දෙනකුගේ ජීවිත නැති වුණේ ඉතින් අපිටත් කීවා අපේ ගෙදරින් අයින් වෙන්න කියලා. ඊට පස්සෙ අපි ඔක්කොමල අපේ නෑදෑ ගෙදරකට ගියා. දැන් එහේ තමයි ඉන්නෙ. ඥාති නිවෙසේ සිට මම පුරුද්දක් වශයෙන් අපි හිටපු ගෙදරට හැමදාම උදේට ඇවිල්ල බලල යනවා. මොකද ගෙදර තිබුණ බඩු මුට්ටු වගේම මගේ ත්‍රීවීල් එක තිබෙන නිසා. මම 2016.05.21 දින උදේ ගෙදර ඇවිත් බලනකොට ත්‍රීවීල් එකේ රෝද තුනම ගලවගෙන ගිහින්. රටේ බොහොමයක් ජනතාව අපි වගේ අවතැන් වූවන්ට හොඳට සලකන විට දෙතුන් දෙනකු මේ වගේ පහත් වැඩ කරනවා. මේ අයට තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී. ගුණතිලක මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

බුලත්කොහුපිටිය – අසේල වික්‍රමනායක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.