Gossip

තුර්කියේ කතක් ලංකාවේ ගංවතුර ගැන කියපු කතාවක්

ලංකාවේ ජිවත්වන තුර්කි ජාතික කාන්තාවක් අපේ රටේ ගංවතුර වෙලාවේ අපේම මිනිස්සු එකා වාගේ එකතු වුණු විදිහ ගැන ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තිබුණා.

එකේ කියලා තිබුණේ මෙහෙමයි.

“අද මම මගේ රැකියා ස්ථානය ළඟ තිබුණු සුපිරි වෙළඳ සලකට ගියා. ඒ ගංවතුරෙන් විපතට පත් පිරිසට යවන්න ආධාර විදිහට මොනවහරි ගන්න.  ස්වභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කළ උවදුරුවලට නිතර මුහුණදෙන රටක කෙනෙක් විදිහට මට එහෙම යමක් කිරීමි අවශ්‍යතාව දැනෙමින් තිබුණු නිසයි ඒ.
මම බලාපොරොත්තු වුණේ ගංවතුරෙන් බලපෑමක් නැති ප්‍රදේශවල මිනිස්සු සාමාන්‍ය ජිවිතයක් ගෙවනව ඇති කියලයි. එත් වෙළඳ සලේ මහා විශාල පෝලිම්වල හිටියේ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන්ට බඩු ගන්න ආපු අය නෙමෙයි. හැමෝම වාගේ ඇවිත් හිටියේ විපතට පත් පිරිසට යවන්න මොනවමහරි ගන්නයි.
මගේ ඇස්වලට කඳුළු ආවා.
මම තුර්කියේ හෝ ලෝකේ වෙන කිසිම රටක මේ වාගේ සිදුවීමක් දැකලා නෑ. ඒ වගේම තුර්කියේ අඩුම පඩියටත් වඩා අඩු සාමාන්‍යයක පඩියක් ලබන ලංකාවේ මිනිස්සුන්ගෙන් මම කොහොමටවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.
මනුෂ්‍යත්වය ගැන මගේ විශ්වාසය තහවුරු වුණා කියල කියන්න තරම් මේ සිදුවීම ප්‍රභල නැතත්, ලංකාව කියන්නේ ලෝකේ ඉන්න සුවිශේෂීම කරුණාබර හදවත් ඇති පිරිසක් ජිවත්වන රටක්. නරක මිනිස්සු නැතිව නෙමෙයි. එත් ලෝකේ හැමෝම ලංකාවේ මිනිස්සු වගේ උනානම් මේ ලෝකය හුඟක් හොඳ තැනක් කරන්න තිබුණා.
හුඟක් සතුටුයි මෙවැනි පිරිසක් එක්ක ජිවත් වෙන්නට ලැබීම ගැනත්. “

hsdhsdhjsdhsdhdd

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.