Gossip

මිනිස් ජීවිත බේරගන්න අතරේ ඔටාරා අහිංසක සත්වයින්ගේ දිවි බේරාගනී

අයහපත් කාලගුණය නිසා ජීවිත 37ක් නැතිවුනා කියලා ඔයාලා කවුරුත් දන්නවනේ.

තවත් මිනිස් ජීවිත නැති නොවෙන්නට අපේ රටේ යුධ හමුදාව, ගුවන් හමුදාව වගේම නාවික හමුදාව හුගක් වෙහෙස මහන්සි වෙනවා.

ඒ මිනිස් ජීවිත වල වටිනාකම ඔවුන් දන්න නිසයි.

ඒත් අහිංසක සතුන්ගේ ජීවිත ගැන අවධානය යොමු කරන්න ඉන්නේ හුගක් සීමිත පිරිසක් විතරයි.

ඒ අතර කැපී පෙනුන චරිතයක් වුනේ ඔටාරා ගුණවර්ධනයි.

ඇය අද (18) බෝට්ටුවක් ආධාරයෙන් ගංවතුරයෙන් යටවෙලා තියෙන මල්වාන ප්‍රදේශයට ගිහින් ගංවතුර නිසා අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්න සුනඛයින්ගේ දිවි බේරා ගැනීමේ කටයුත්තක නිරත වුණා.

අනෙක් අයට ලොකු දෙයක් වගේ නොවුනට කතාකරන්න බැරි සත්වයෙකුගේ ජීවිතයක් බේරා ගන්නවා කියන්නේ ද ලොකු පිනක් කියලයි අපේ සමාජයේ වැඩි හිටියන් කියන්නේ.

ඉතිං පහත තියෙන වීඩියෝවෙන් බලන්න ඔටාරා අහිංසක සත්වයින් කිහිපදෙනෙකුගේ දිවි බේරාගත් හැටි…

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.