Paper Gossip

රිළවුන් කණ්ඩායමක් ගමකට කරපු දෙයක්

බළන්ගොඩ බෙලිහුල්ඔය හා අවට ගම්මාන රැසක ජනතාවට කන්න උයාගත් කෑම ටිකත්, ගොවිතැන් හා බව බෝගත් රිළා හමුදාවකින් බේරා ගන්නට කාලයක් තිස්සේ මිනිස් රිළා යුද්ධයක යෙදෙන්නට සිදුව තිබේ.

පනහකට හැටකට ආසන්න රිළා හමුදාවක් දිනපතා උදෑසන මේ ප්‍රදේශවලට පැමිණ සිට නිවැසියන් සිටියද නොසිටියද කිසිදු තැකීමක් හා බියක් නොමැතිව ගහකොළ, ගොවිතැන්බත් විනාශ කරමින් ඇතැම් අවස්ථාවල නිවෙස්වලට කඩාවැදී කුස්සියේ උයා තිබෙන බත හා වෑංජනද කා හට්ටි මුට්ටිද බි¼ද දමන බව ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති.

පොල්, කෙසෙල්, මංඤොක්කා ඇතුළු බව බෝග පමණක් නොව පොල් ගසක කුරුම්බා ඇට්ටියක්වත් රිළව් හමුදාවෙන් බේරා ගත නොහැකි තත්ත්වයක් දැන් උදාවී තිබෙන බවද රිළව්ගෙන් පීඩා විඳින ප්‍රදේශවාසීහු පවසති.

ගම්වැසියන් පවසන්නේ කාන්තාවන් දකින විට උසුළු විසුළු කිරීමට තරම් මේ රිළා රංචුව පුරුදුව සිටින බවයි. එසේම බෙලිහුල්ඔය පෙර පාසලක තම දරුවන්ගේ අධ්‍යාපනයටද රිළවුන්ගෙන් බාධා පැමිණෙන අතර, දරුවන් රිළා කරදරයෙන් බියට පත්ව අධ්‍යාපන කටයුතුවල නියැළීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවද ඔවුහු පවසති.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ රිළා හමුදාව මෙල්ල කරන්නට තමන්ට වායු රයිෆල් ලබාදෙන ලෙසයි.

බෙලිහුල්ඔය – සමන්තා රත්නායක

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.