Gossip

අම්මේ මාව ගෙනියන්න දෙන්න එපා….

මේ සංවේදී ඡායාරූපයේ පෙනී ඉන්නා අම්මා සහ පුතා ජිවත් වුණේ බර්නෝ වනාන්තරයක.

මනුස්සයෙක් පත්තුකරපු ගිනිකුරකින් ලැව් ගින්නක් ඇවිලිලා ඇවිත් ඒ නිස්කලංක ජීවිතය අළු කර දානකම්ම එයාලා එතන ජිවත් වුණා.

ගින්න හඹා එනකොටත් තම රැහේ අනෙක් උන් එක්ක, දරුවාද ඇකයේ හොවාගෙන මනුෂ්‍ය වාසයකට පැන ගැනීමට මේ අම්මා සමත් වූණා.

විෂ දුම වැදී, බඩගින්නේ දුර්වලවී සිටි මේ අය බේරාගැනීමට හිතේ තෙත තිබූ මනුෂ්‍යයන් පිරිසක් ඉදිරිපත් වුණා. එයාලා උත්සාහ කළේ මේ දෙදෙනාව ආරක්‍ෂිත තැනකට ගෙනයන්නයි.

එහෙත් ඒ වෙන කොට මේ අම්මාට මිනිසුන් පිළිබඳ  පැහැදීම බිංදුවටම බැහලයයි තිබුණේ.  ඒ නිසා ඇය ඔවුන් එක්ක යාමට එකඟ වුනේ නැහැ. ඒ නිසා මේ අම්මා නිර්වින්දනය කරන්නට මිනිසුන්ට සිද්ද වුණා.

ඒ වෙලාවේ පැටියා හිතුවේ තවත් දෙයක්. අම්මාට අනතුරක් කර තමා පැහැරගෙන යන්න මිනිසුන් උත්සාහ කරනවා කියලයි පැටියා හිතුවේ. නිර්වින්දනය වී ඉන්නා අම්මාගේ සිරුරේ එල්ලිලා තියෙනවා.

එතන හිටපු  ඡායාරූපශිල්පියෙකු තමන්ගේ කැමරා කාචයේ සටහන් කරගත් මේ ඡායාරූප , සතුන්තුළ ද තියෙන මානව සංවේදනාව පිළිඹිඹු කරන කැඩපතක් කිව්වොත් එකේ වැරද්දක් නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.